Sunday, May 19, 2024

General line - 0115112241

ගිය වසරේ පහ ශ්‍රේණියේ පළමු වැනියාට මේ වසරේ ලැබුණු දේ 




ගිය වසරේ (2016)පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු දිවයිනෙන්ම පළමු ස්ථානය දිනූ සිසුවාගේ මවට රැකියාවක් ලබාදීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර පියවර ගෙන තිබෙනවා.

මාතර උරූගමුව මෙතෝදිස්ථ  කණිටු විදුහලේ අධ්‍යාපනය ලැබූ  සිතිජ නිරාන්  2016 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු දිවයිනෙන්ම පළමු ස්ථානය දිනා කොළඹ රාජකීය විදුහලට ඇතුළත් වුණා.

ඔහුගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට ආර්ථික අපහසුතා ඇතිවීම නිසා ඔහුගේ මවට අනධ්‍යන කාර්ය මණ්ඩලයේ රැකියාවක් ලබාදීමට අමාත්‍යවරයා පියවරගෙන තිබෙනවා.