Friday, January 10, 2025

General line - 0115112241

අපේ කැමරාවට හසු වූ පොලිස් ප්‍රහාරය (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද (06) හම්බන්තොට දී විරෝධතාවයක් පැවැත්වුණා.

මෙම විරෝධතාවය දැඩි උණුසුම්කාරී වූ අතර එය පාලනය කිරීම සඳහා පොලිසියට කඳුළු ගෑස් මෙන්ම ජල ප්‍රහාරද එල්ල කිරීමට සිදු වුණා.

මේ අතර එහිදී 28 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත් වුණා.

එලෙස අත්අඩංගුවට පත් වූ එක් විරෝධතාකරුවෙකු වෙත උසස් පොලිස් නිලධාරියෙකු මෙලෙස පහරදෙන ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්ව තිබුණා.