Friday, January 10, 2025

General line - 0115112241

ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට එයි




පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගත් කි‍්‍රයාවලිය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළා.

අදාළ නව සංශෝධන මගින් පළාත් සභා ඡන්දය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවත් එබැවින් පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ගොණු කෙරුණා.

පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා, කතානායකවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන්වයි.

මේ අතර පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය අභියෝගයට ලක්කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ප‍්‍රතික්‍ෂේප කරන්නැයි ඉල්ලමින් අද තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් කෙරුණා. එම මැදිහත්කාර පෙත්සම් ඉදිරිපත් කළේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සහ නීතිඥ රජික කොඩිතුවක්කු විසින්.

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවේ සම්මත වී පනතක් බවට පත්ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අභියෝගයකට ලක් කිරීමේ හැකියාවක් නොමැති බවයි එම පෙත්සම්  මගින් පෙන්වා දී ඇත්තේ.