Friday, January 10, 2025

General line - 0115112241

ඡන්ද පොලවල් හඳුනා ගැනේ - ඡන්දෙට නිලධාරීන් පුහුණු කිරීමත් අරඹයි




පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ මැතිවරණ රාජකාරී සඳහා සහභාගි වන සියළු රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පවත්වන පුහුණු වැඩමුළු කඩිනමින් ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිස්ති‍්‍රක් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමේ තෙදින පුහුුණු වැඩමුළුවක් අද (06) සිට කි‍්‍රයාත්මක බවයි එම කොමිසම පැවසුවේ.

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ වන සියලූම ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු මෙම මාසය තුළ ආරම්භ කිරීමටද මැතිවරණ කොමිසම සැලසුම් කර තිබෙනවා.

ඒ, නොවැම්බර් හා දෙසැම්බර් මාසවල විභාග කටයුතු යෙදීම හේතුවෙන් මතුවන අවහිරතා වළක්වා ගැනීම සදහායි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා කොට්ඨාස මට්ටමින් අවශ්‍ය ඡන්ද පොළවල්ද හදුනාගෙන අවසන් බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.