Friday, January 10, 2025

General line - 0115112241

බදියුර්දීන්ගේ සහෝදරයා ඉවත් වෙයි




උතුරු පළාත් සභා මන්ති‍්‍ර රිෆ්ඛාන් බදියුර්දීන් එම ධුරයෙන් ඉල්ලා අස්වි තිබෙනවා.

ඔහු නියෝජනය කරන්නේ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයයි.

පක්‍ෂයේ තීරණයකට අනුව තමන් මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි නෙත් නිවුස් කළ විමසීමකදී රිෆ්ඛාන් බදියුර්දීන් කියාසිටියේ.

ඔහු වෙනුවට සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය නියෝජනය කරන අලීඛාන් තරීෆ් උතුරු පළාත් සභාවේ මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතයි.

රිෆ්ඛාන් බදියුර්දීන් අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ගේ සොහොයුරෙකුද වනවා.