පොලිස් ස්ථානවල CCTV කැමරා සවි කිරීමට ගෙනආ යෝජනාව වැයවන අධික මුදල සොයාගැනීමට නොහැකිවීම හේතුවෙන් ප්‍රමාදවී තිබෙනවා. පෞද්ගලික ආයතනයකින් බදු පදනම යටතේ පොලිස් ස්ථානවල CCTV කැමරා ස්ථාපිත කිරීමටයි පළමුව යෝජනා වී තිබුණේ.
එහෙත් ඒ සදහා වැයවන අධික මුදල සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් දිස්ති‍්‍රක් මට්ටමින් එක් එක් පොලිස් ස්ථාවල CCTV කැමරා ස්ථාපිත කිරීමටයි නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය මේ වනවිට අවධානය යොමු කර ඇත්තේ.
පොලිස් සිරමැදිරියකදී පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියයාමේ සිද්ධියෙන් පසු පොලිස් ස්ථානවලට සී සී ටී වී කැමරා පද්ධති ස්ථාපිත කිරීමට මීට පෙර අවධානය යොමු වුණා.