පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් අද (07) තංගල්ල බන්ධනාගාරයට පැමිණියා.
ඒ, හම්බන්තොට ඊයේ (06) පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයින්ගේ සුවදුක් සොයාබැලීම සදහායි.
ඊයේ (06) පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගැණනු 28 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, උසාවි නියෝග කඩ කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේයි. මත්තල ගුවන් තොටුපොල ඉන්දියාවට බදුදීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පැවැත්වුණා.