ඉකුත් සමයේ රටේ සම්පත් අලෙවි කළ ආකාරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ පිරිසට අමතක වී ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා චෝදනා කරනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මත්තල ගුවන් තොටුපළ විකුණා දැමීමට එරෙහිව හම්බන්තොට දී ඊයේ (06) පැවැති විරෝධතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.
කෙසේ වෙතත් එහිදී අමාත්‍ය සරත් ෆොන්සේකා අදහස් පළකළේ හම්බන්තොට වරාය විකිණීමේ අදහසක් රජයට නොමැති බවයි.
නමුත් හම්බන්තොට වරාය බද්ධට ලබාදීමට නියමිත බව පැහැදිළිව පවසා ඇති බව කියා සිටි අමාත්‍යවරයා එම ව්‍යාපෘති රටට බරක් බවයි කියා සිටියේ.
කැලණිය ආසනයේ අද (07) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සරත් ෆොන්සේකා මේ බව සඳහන් කළා.