Friday, January 10, 2025

General line - 0115112241

ඉදිරියටත් වැසි




පවතින වැසි සහිත කාලගුණයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ හේතුවෙන් පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

කළු ගඟේ ජල මට්ටම සැළකිය යුතු ආකාරයෙන් ඉහළ ගොස් ඇති බවත් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බැවින් අගලවත්, බදුරලිය,ඉංගිරිය ප්‍රදේශවල ජනතාව වඩාත් පරික්ෂාකාරි විය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.‍

මේ අතර දිවයිනේ නිරිතදිග කොටසේ මෙන්ම ඌව හා නැගෙනහිර පළාත්වල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුශ්කා ප්‍රේමචන්ද්‍ර.