Friday, January 10, 2025

General line - 0115112241

"රටට එරෙහිව සාක්ෂි සපයන්න එපා"




මෙරට පවතින නීතිය අනුව විරෝධතාකරුවන්ට පහරදීමට පොලිසියට කිසිඳු අයිතියක් නොමැති බව නීතිවේදීන් පවසනවා.

ඉකුත්දා හම්බන්තොට පැවති විරෝධතාවයේ දී සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී නීතිවේදී ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා මේ බව කියා සිටියා.

ඔහු සඳහන් කළේ උද්ඝෝෂණයක් හෝ විරෝධතාවකදී යම් මහජන පීඩාවක් සිදු වන්නේ නම් අවම බලය යොදා එය විසුරුවා හැරීමට පමණක් පොලිසියට බලය පවතින බවයි.

ජාත්‍යන්තරයෙන් ද රටට චෝදනා එල්ල වී ඇති මොහොතක මෙවැනි කටයුතු සිදුවීම ශ‍්‍රී ලංකාවට අහිතකර බවයි නීතිවේදී ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් කියා සිටියේ. එය රටට එරෙහිව සාක්ෂි සැපයීමක් වනු ඇති බවද ඔහුගේ අදහසයි.

මේ අතර පොලිසියේ පහරකෑමට ලක්වූ අදාළ පුද්ගලයාට ශ්‍රේෂාඨාධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.