විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසන පරිදි යළි රට තුළ යුද්ධයක් ඇතිවීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ආණ්ඩුව පවසනවා.
මෙරට සංචාරයක නිරත ආසියා හා පැසිෆික් කලාපීය රාජ්‍ය පිළිබඳ එක්සත් රාජධානියේ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් සමඟ පැවැති හමුවකදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසා තිබුණේ නව ව්‍යවස්ථාවෙන් ජාතික ගැටලූවට විසඳුමක් නොලැබෙන්නේ නම් නැවතත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතිවීමට ඉඩ ඇති බවයි.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කියාසිටියේ නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් සියලු ජාතීන්ට පිළිගත හැකි විසඳුමක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවයි.