ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර කිසිඳු අභ්‍යන්තර ගැටලුවක් නොමැති බව එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා.
ඔහු සඳහන් කළේ ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයේ නියෝජිතයින් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලින් ඉවත් කර ඇති බවට පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.
එහි සාමාජිකයන්ට ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය වාරණයක්ද පනවා නැති බවත් සඳහන් කළා.
මැතිවරණයක් ප්‍රකාශයට පත් වීමට සූදානම්වන මොහොතක මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් ගෙනයමින් ඇත්තේ විරුද්ධ කණ්ඩායම් බවයි ඔහු පෙන්වා දුන්නේ.