දිස්ත්‍රික් රැසක පිහිටි නිවාස 2264ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඒවා නායයාම් අධිඅවදානම් කලාපවල පිහිටා තිබෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව කෑගල්ල, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් මෙම අවධානම් ස්ථාන හඳුනාගෙන තිබෙනවා.
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් පර්යේෂණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස කියාසිටියේ මධ්‍ය අවදානම් කලාපවල නිවාස 4000කට අධික සංඛ්‍යාවක් ද හඳුනාගෙන ඇති බවයි.
අධි අවදානම් කලාපවල පදිංචි පිරිස් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා සුදුසු ස්ථාන හඳුනාගැනීම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකෙරෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.