Friday, January 10, 2025

General line - 0115112241

පොදු සමාව ඉල්ලයි




සිරගත කර සිටින දෙමළ ජාතිකයින් 160 දෙනකු නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් පවසනවා.

අදාළ රැඳවියන් අතරින් තිදෙනකු මේ වනවිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ සුවදුක් විමසීම සඳහා මන්ත‍්‍රීවරයා ඊයේ (07) පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් මේ බව සඳහන් කළා.

මීට පෙර පොදු සමාව ලබාදුන් අවස්ථා කිහිපයක් මෙන් මෙවරද පොදු සමාවක් ලබා දී මෙම පිරිස නිදහස් කරන ලෙසයි ඔහු පැවසුවේ.

"1961 දී එක පාරක් පොදු සමාව දුන්නා.. 88/89 කාලයේදීත් පොදු සමාව දීලා තියෙනවා..1987 දී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ප්‍රභාකරන්ද ඇතුළුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සියලු දෙනාටම පොදු සමාව දීලා තියෙනවා.. ඒ වගේ මේ පාරත් පොදු සමාව දීලා ඉවර කරන්න පුළුවන් නේ.. "