පොල් සංවර්ධන මණ්ඩලය මගින් උතුරු පළාතේ පාසල්වල 6 වන ශ්‍රේණියේ සිසුන් අතර පොල් වගාව ජනප්‍රිය කිරීමේ හා ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවලක් දියත් කර තිබෙනවා.
ඉතා උසස් තත්ත්වයේ පොල් පැල බෙදා දෙමින් සිසුන්ගේ දෙමව්පියන්ද දැණුවත් කරමින් මෙම වැඩ පිළිවෙල දියත් කරණ අතර පොල් පැල බෙදා දෙන සෑම සිසුවෙකුටම පොල් සංවර්ධන මණ්ඩලයේ පොල් වගාකිරීමේ සහනාධාරය මෙන්ම උපදෙස්ද ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන්.
මෙම වැඩ සටහනේ පලමු අදියර වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙණේදී පරිවෙණාධිපති කුරුඳුගොඩ පඤ්ඤාසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූණා.