ඩෙල්ෆ් මුහුදු තීරය හරහා මෙරට මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වූ ට්‍රෝලර් යාත්‍රාවක් හා එහි සිටි ඉන්දියානු ජාතිකයින් දස (10) දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඊයේ (08) අළුයම 2.30 ට පමණ ඩෙල්ෆ් මුහුදු තීරයේදී කෝවිලන් තුඩුවට සැතපුම් 10 ක් පමණ වූ මුහුදු තීරයේදී නාවික හමුදා වෙරලාරක්ෂක නිලධාරින් විසින් මෙම යාත්‍රාව හා පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඩෙල්ෆ් පොලිසිය වෙතට භාර දීමට පියවර ගත්තා.
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවේ තිබී අල්ලන ලද මසුන් විශාල තොගයක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.
එම පිරිස් ඩෙල්ෆ් පොලීසිය යාපනය ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් එක්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.