මහනුවර කෙංගල්ල මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා මාරු කිරීමට එරෙහිව දෙමව්පියන් පිරිසක් අද (09) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.
ඒ, එම විද්‍යාලය ඉදිරිපිටදීයි.
විදුහල්පතිවරයා කිසිඳු හේතුවකින් තොරව ස්ථාන මාරුවීමක් ලබාගෙන ගොසු ඇති බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම මෙම පාසලේ අධ්‍යපන මට්ටම මෙන්ම පාසලේ බාහිර ක්‍රියාකාකම් වර්ධනය කිරිම සඳහා අදාළ විදුහල්පතිවරයා විශාල කැපවීමක් කර ඇති බව ද ඔවුන් කියා සිටියා.
හිටපු විදුහල්පතිවරයාව නැවතත් මහනුවර කෙංගල්ල මහ විද්‍යාලය වෙත ලබාදෙන ලෙසයි විරෝධතාකරුවන් අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ.