පොල් මිල පාලනය කිරීම සඳහා ගනු ලැබූ ක‍්‍රියාමාර්ග සාර්ථක වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.
වර්ණ ගැන්වූ පොල් යොදා ගැනීම ඊට ප‍්‍රධානම හේතුව බවයි එහි සභාපති කපිල යකන්දාවල කියා සිටියේ.
පොල් මිල පාලනය කිරීමේ අරමුණින් ලක්ෂ 10ක පොල් තොගයක් වෙළඳපොළට මුදා හැරීමට සැලසුම් කර තිබෙනවා.
ඉන් ලක්ෂ 06ක් දැනටමත් පාරිභෝගිකයින් වෙත ලබාදී අවසන්. ඉතිරි ලක්ෂ 04ද ඉදිරියේ දී වෙළඳපොලට මුදා හැරීමට කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළා.
ඉකුත් සමයේ පොල් ගෙඩියක මිල රුපියල් සියයක මට්ටමකට ළගා වුණා. ඒ අනුවයි මිල පාලනය කිරීමට රජය මැදිහත් වුණේ.
මේ වනවිට සතොස මගින් පොල් ගෙඩියක් රුපියල් 65ක මිලකට අලෙවි කරනවා. ඒ අනුව දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ පොල් මිල පාලනය වී ඇති බවයි පොල් වගා කිරීමේ මණ්ඩලය කියා සිටියේ.