Friday, January 10, 2025

General line - 0115112241

සරත් එන් සිල්වාගේ පෙත්සම ප්‍රතික්ෂේප කරන නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් (UPDATE)




පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් ආකාරය අභියෝගයට ලක්කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැවනු ලැබුවා.

නීතිපතිවරයා එහිදී ඉල්ලා සිටියේ මෙම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

මුලින් ඉදිරිපත් කළ කෙටුම්පතට පටහැනිව අදාළ පනත සම්මත කරගෙන ඇතැයි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා පැවසුවා.

කමිටු අවස්ථාවේදී අදාළ නොවන සංශෝධන ඊට එක්කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් විය යුතු බව ද හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා එහිදී කියාසිටියා.

කෙසේවෙතත් නීතිපතිවරයා පැවසුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ කරුණු වසන් කරමින් බවයි.

කතානායකවරයා විසින් අත්සන් තබන ලදුව අදාළ පනත සහතික කර ඇතැයි යන්න එහි දක්වා නොමැති බව නීතිපතිවරයා පැවසුවා.

මෙම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයා ඉල්ලා සිටියේ ද ඒ අනුවයි.

-------------------------

හිටපු අගවිනිසුරුගේ පෙත්සම සලකා බැලෙයි (09-10-2017 13:28)

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (09) සිදු කෙරුණා.  

ඒ, අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවෙයි.

පෙත්සම ගොනු කර තිබුණේ ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත වූ ආකාරය අභියෝගයට ලක් කරමින්.

පෙත්සමෙන් ඔහු ඉදිරිපත් කර තිබුණේ අදාළ පනත සම්මත වූ ආකාරය නීත්‍යානුකූල නොවන බවයි.

පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ප‍්‍රකාශ කළා.