උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (09) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවන් ඉල්ලීමක් කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇති කරගෙන ඇති එකඟතා අනුව අදාළ තීරණය ගෙන ඇති බවයි.
කෙසේවෙතත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කළ අතර එහිදී මන්ත්‍රීවරයා සහ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අතර උණුසුම් සංවාදයක් ද ඇතිවුණා.
මේ අතර මහනගර සභා, නගර සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත් සංශෝධන සහිතව සම්මත කිරීම ද පාර්ලිමේන්තුවේදී අද (09) සිදුවුණා.
----------------------------
විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ (09-10-2017 14:10)
2018 මුල්‍ය වර්ෂය සඳහා රජයේ අපේක්ෂිත වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කෙරුණා.
ඒ වැඩබලන මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න විසින්. ඊට අනුව 2018 මුල්‍ය වර්ෂයේ රජයේ අපේක්ෂිත මුළු වියදම රුපියල් බිලියන 3982ක්.
අපේක්ෂිත මුළු ආදායම රුපියල් බිලියන 2175ක් වනවා. ඒ අනුව 2018 මුල්‍ය වර්ෂය සඳහා අපේක්ෂිත අයවැය පරතරය රුපියල් බිලියන 1807ක්.
රජයේ අපේක්ෂිත වියදම්වලින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයටයි. එම මුදල රුපියල් කෝටි 29,071ක්. 2017 මුල්‍ය වර්ෂයට සාපේක්ෂව එය රුපියල් කෝටි 667ක වැඩිවීමක් වනවා.
ආරක්ෂක අමාත්‍යාංශයට පසු වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වියදම් සඳහායි.
එම මුදල රුපියල් කෝටි 22,757ක් වනවා. කෙසේවෙතත් 2017 මුල්‍ය වර්ෂයට සාපේක්ෂව එය රුපියල් කෝටි 1523ක අඩුවීමක්.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් කෝටි 21,821ක් වෙන් කර තිඛෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 18,562ක්.
මීට අමතරව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ වියදම් සඳහා රුපියල් කෝටි 18,275ක් වෙන් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 17,839ක්. 2017 මුල්‍ය වර්ෂයට සාපේක්ෂව එය රුපියල් කෝටි 742ක වැඩිවීමක් වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයට 2018 මුල්‍ය වර්ෂය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 10,288ක්. එය 2017 මුල්‍ය වර්ෂයට සාපේක්ෂව රුපියල් කෝටි 2594ක වැඩිවීමක් වනවා.
ජනාධිපති වැය ශීර්ෂය වෙනුවෙන් 2018 මුල්‍ය වර්ෂයේදී වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 998ක්.
එය 2017 මුල්‍ය වර්ෂයට සාපේක්ෂව රුපියල් කෝටි 353ක වැඩිවීමක්. අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් රුපියල් කෝටි 167ක් වෙන්කර තිඛෙනවා. එය 2017 මුල්‍ය වර්ෂයට සාපේක්ෂව රුපියල් කෝටි 42ක වැඩිවීමක්.