නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී කේ පී දසනායක ඇතුළු 06 දෙනෙකු ලබන 20 වනදා තෙක් අද (09) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා, බන්ධනාගාර නිලධාරීන් විසින් රෝද පුටුවක ආධාරයෙන් අධිකරණයට රැගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
2008 - 2009 යන වසරවලදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඔහුට එරෙහි චෝදනාව වනවා.