උතුරු දුම්රිය මාර්ගයේ යාපනය දක්වා දුම්රිය ධාවනය දින 05කට නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, යාපනය නාවක්කුලි පාලම අබලන් වීම හේතුවෙන්. දුම්රිය ධාවනය නතර කෙරුණ ද නාවක්කුළි දුම්රිය ස්ථානයේ සිට යාපනය දක්වා බස් රථ මගින්, මගීන් ප්රවාහනය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
දුම්රිය ධාවනය නිල වශයෙන් නතර කරන දිනය පිළිබඳ මෙතෙක් ස්ථීර තීරණයකට එළඹ නැහැ. එහෙත් ලබන 23 වනදා සිට දුම්රිය ධාවනය නතර කරනු ඇති බවටයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ.