Friday, January 10, 2025

General line - 0115112241

තෙල් සංස්ථාව විකිණීමට තීරණයක් ගෙන නෑ




ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට රජය කිසිඳු ආකාරයක තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්වර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ආයතනයක් බවත්

ජාතික බල ශක්ති ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍යවන ආයතනයක් බවත් අමාත්‍යවරයා කියා සිටියා.

එම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශක්තිමත් කිරිම තමන්ට හා ආණ්ඩුවට පමණක් නොව සමස්ථ රටේ ජනතාවයට එය වැදගත් බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්වර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ.

ඉන්ධන මිල වැඩි කිරීමට ද මේ දක්වා රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා  2015 ජනවාරි 22 වැනිදා සිට මෙරට ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස අඩු කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බවද අවධාරණය කළා.

කෙසේ නමුත් ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිලෙහි උච්චාවචනයට ගැළපෙන ලෙස මිල සූත්‍රයක් සැකසීමට පසුගිය අවුරුදු කිහිපයේ සිට සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියා.

ඒ අද (09) පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.