අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන හරහා රටේ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ පාසල් ප්‍රජාව ඇතුළු මහජනතාවගේ අදහස් ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ මගින් අධ්‍යාපන පද්ධතිය තුල ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ.
පසුගිය දා අමාත්‍යවරයා සහ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් අතර පැවති මාණ්ඩලික රැස්වීමට එක්වෙමින් ඔහු මේ පිළිබඳව කියා සිටියා.
විශේෂයෙන් ම පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් දියත් කරන වැඩසටහන්, නව ක්‍රියාමාර්ග, හඳුන්වාදීම් ආදියේ දී ඒ පිළිබඳ පූර්ව සහ පසු ඇගයුම් සිදුකිරීමේ ක්‍රියාවලිය සඳහා අධ්‍යාපනඥයින්ගේ මෙන් ම සමාජ විද්‍යාඥයින්ගේ ද දායකත්වය ලබාගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නා.