Friday, January 10, 2025

General line - 0115112241

කිසිම රාජ්‍ය දේපළක් විදේශිකයන්ට විකුණන්නේ නෑ




වත්මන් ආණ්ඩුව කිසිඳු රාජ්‍ය දේපළක් විදේශයන්ට විකුණා නොදමන බව අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කරනවා.

ඔහු ඒ බව අවධාරණය කළේ ධීවර අමාත්‍යාංශයේ අද (09) පැවැති උත්සවයකදීයි.

නමුත් ඵලදායිතාව අඩු දේපල සම්බන්ධයෙන් සැලකිළිමත් වී ඒ වෙනුවෙන් ආයෝජන ගෙන ඒමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද විදේශ ආයෝජකයන්ගේ සහයෙන් ඵලදායී ලෙස සංවර්ධනය කළයුතු ව්‍යවසායක් ලෙස හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සම්බන්ධයෙන් විවිධ යෝජනා ලැබුණත් ඉන් සුදුසු රක් යෝජනාවක් තෝරාගෙන ඉන්දියානු සමාගමක් සමග ඒකාබද්ධව කටයුතු කරන බවයි ඔහු කියා සියියේ.

එය විදේශ රටකට, රටේ දේපල අලෙවි කිරිමක් නොවන බවයි කළුතර දී පැවැති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ.