රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (10) කැඳවා තිබූ වැඩ වර්ජනය වහාම අත්හිටුවා තිබෙනවා.
මෙම වැඩවර්ජනය කැඳවා තිබුණේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූ මුල්කරගනිමින්.
අද (09) පැවැති සාකච්චාවකදී ඊට සාධනීය විසඳුම් ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියා.
හෙට (10 ) කැඳවා තිබූ වැඩ වර්ජනය වහාම අත්හිටවූයේ ද ඒ අනුව බවයි එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ.
එළැඹි එකඟතාවලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද වෛද්‍ය හරිත අළුත්ගේ මෙහිදී කියා සිටියා.
ඔහු මෙම අදහස් පළකළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.