දුම්රිය සේවාව ඇතුළු සේවාවන් කිහිපයක වැටුප් වැඩිකිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාවකට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සෞඛ්‍ය සේවා වෘත්තියමය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සූදානම් වනවා.
අදාළ වැටුප් වැඩිකිරීම සිදුකිරීමට යෝජනා වී ඇත්තේ පවතින වැටුප් ව්‍යුහයට පටහැනිව බවයි කොළඹ අද (09) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ රාජ්‍ය සේවා වැටුප් කොමිසමට ලිඛිතව දන්වා ඇති බවයි මෙහිදී එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ.
දුම්රිය සේවාවට හෝ වෙනත් සේවාවකට වැටුප් වැඩි කරන්නේ නම් ඊට සමානව තමන්ට ද වැටුප් වැඩි කළ යුතු බවයි සෞඛ්‍ය සේවා වෘත්තියමය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.