යහපත් පරපුරක් හා හොඳ රටක් ගොඩනැගීමට නම් ග්‍රාමීය සංස්කෘතිය යළි සවිමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අතීතයේදී ජාතික සමගියට පදනම වූයේ ගම, පාසල සහ පන්සල කේන්ද්‍ර කරගත් ග්‍රාමීය සංස්කෘතිය බවයි ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ.
පොළොන්නරුව ලක්ෂඋයන කනිටු විදුහලේ දී අද (09) පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ජනාධිපතිවරයා ප්‍රාථමික අධ්‍යාපනය ලබා තිබුණේ ද මෙම විදුහලේයි.
මේ අතර රාජ්‍ය චක්‍රලේඛ නිසා මහජන සේවාවල ප්‍රමාදවීම් හෝ අකාර්යක්ෂමතාවන් සිදුනොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.
කිසියම් වෘත්තිය සේවාවක් කිරීමේදී එලෙස යම් චක්‍රලේඛයක් හරස් වී ඇත්නම් එය වහා සාකච්ඡා කොට විසඳාගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
පොළොන්නරුව ප්‍රදේශයේ අද (09) පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.