මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ කාර්ය මණ්ඩලය අද (09) කළුපටි පැළඳ රාජකාරියේ යෙදෙමින් විරෝධතාවක නිරත වුණා.
ඒ එහි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට හිටපු නාගරික මන්ත්‍රීවරයකු විසින් තර්ජනය කර රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියකට විරෝධය දක්වමින්.
එම කාර්යාලයට ඉකුත්දා පැමිණි හිටපු නාගරික මන්ත්‍රීවරයකු මැතිවරණ නාමලේඛනයේ තම ඡන්ද දායකයකුගේ නමක් ඇතුළත් නොවූ බව පවමින් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට බැණ තර්ජනය කළ බවට මහනුවර පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මේ කරුණ සම්බන්ධයෙන් හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන වරුණ ලියනගේ ද පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔහු පවසන්නේ තමන් එහි ගිය අවස්ථාවේදී නියෝජ්‍ය මැතිවරණ කොමසාරිවරයා අසභ්‍ය වචනයෙන් තමන්ට බැනවැදුණු බවයි.
දෙපාර්ශ්වයේම පැමිණිලි සළකා බලා මේ පිළිබඳ විමර්ශනය කරන බව පොලිසිය පවසනවා.