Friday, January 10, 2025

General line - 0115112241

දේශපාලන සිරකරුවන්  වෙනුවෙන් අදත් උද්ඝෝෂණයක්




බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා වව්නියාවේදී අදත් උද්ඝෝෂණයක් කෙරුණා.

සිවිල් සංවිධාන කිහිපයක් එක්ව මෙම උද්ඝෝෂණය කැඳවා තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු නොදමා බන්ධනාගාරගත කර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට අවස්ථා කිහිපයකදී ආණ්ඩුව පොරොන්දු වූ බව මෙහිදී සිහිපත් කෙරුණා.

එහෙත් එම පොරොන්දු කඩ කර ඇති බවයි උද්ඝෝෂකයන් කියා සිටියේ. දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරන ඉල්ලීමට විපක්ෂ නායක ආර් සම්බන්ධන් ද සංවේදී විය යුතු බව ඔවුන් වැඩිදුරටත් පැවසුවා.