රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ගේ මව්පියන් උපවාසයක් ආරම්භ කීරීමට තීරණය කර තිබෙනවා.
සයිටම් විරෝධි ජන පවුර සංවිධානයේ අද (09) පැවැති සාකච්ඡාවකින් පසුව ඔවුන් මේ බව පැවසුවා.
උපවාසය ආරම්භ කරන දිනය ලබන 29වනදා ප්‍රකාශයට පත් කරන බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
සයිටම් විරෝධි ජනපවුර කැඳවා තිබූ මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ මෙම ගැටළුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් අවශ්‍ය බවයි