පාර්ලිමේන්තුව විසින් ඊයේ (09) සම්මත කෙරුණු මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් බලාත්මකවීමට නම් කතානායකවරයා ඊට අත්සන් තැබිය යුතු බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.
අනතුරුව එම පනත්වලට අදාළව එක් එක් පළාත් පාලන ආයතනයේ සභික ධුර සංඛ්‍යාව සඳහන් කර පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ඉදිරි කටයුතු සිදුකළ හැක්කේ ඉන් අනතුරුව බවද එහි ප්‍රකාශකයෙකු කියාසිටියා.