Friday, January 10, 2025

General line - 0115112241

මත්තල විකුණන්න කැමැත්තක් නැහැ - එහෙත් ආයෝජකයෙක් අවශ්‍යයි




මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල විකුණා දමන්නේ හෝ 99 අවුරුදු බද්දකට වෙනත් පාර්ශ්වයකට ලබාදෙන්නේ හෝ නොමැති බවට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුව හමුවේ සහතිකයක් ලබාදුන්නා.

ඔහු එම සහතිකය ලබාදුන්නේ ඊයේ (09) පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේදීයි.

එහිදී වැඩි දුරටත් සඳහන් කළේ "විෂයභාර ඇමතිවරයා හැටියට මම කියන්න කැමතියි..මේ රජය මත්තල ගුවන් තොටුපළ විකුණන්නේ නැහැ..ඒ වගේම 99 අවුරුද්දට බදු දෙන්නෙත් නැහැ. යම් ආකාරයකින් මත්තල ගුවන් තොටුපළ සඳහා හවුල්කාර පාර්ශ්වයක් එකතු කර ගන්නවා නම් මේ සභාව ඉදිරියට ඒ ගිවිසුම් ගෙනල්ලා..තමයි ඒ පිළිබඳ තීරණවලට එළඹෙන්නේ. 1400ක් මගීන් එන ගුවන් තොටුපළේ පඩිනඩි වලට මිලියන 577ක් වැය කරනවා. මේක ජාතික අපරාධයක්.. මේකට ශක්තිමත් ආයෝජකයෙක් අවශ්‍ය වෙන්නේ ඒ නිසයි." යනුවෙනි. 

මෙහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා ද සඳහන් කළේ මත්තල විකුණා දැමීමට රජයේ කැමැත්තක් නොමැති බවයි.