Friday, January 10, 2025

General line - 0115112241

ඉරේෂා ද සිල්වාට අධිකරණයෙන් ඇප (UPDATE)




අධිකරණය මගහැර රටින් පලාගොස් සිටියදී ජාත්‍යන්තර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශී‍්‍ර ලංකාවට එවනු ලැබූ ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය අද (10) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී ඇයට රුපියල් ලක්ෂ 05ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 05ක ශරීර ඇප මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය ඇතුළු මෙම නඩුවේ විත්තිකරුවන් තුන් දෙනෙකු රටින් පලාගොස් ඇති බවයි අධිකරණයේදී මීට පෙර ප‍්‍රකාශ කෙරුණේ.

 

-------------------------------

නාමල් සම්බන්ධ සමාගමේ අධ්‍යක්ෂවරියක් අත්අඩංගුවට

(10-10-2017 07:49)

අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගම හරහා විශුද්ධීකරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ විත්තිකාරියක වන ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය කටුනායක ගුවන් තොටුපොලේදී අද (10) අත්අඩංගුවට ගැණුනා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ ද අදාළ නඩුවේ විත්තිකරුවෙක්.

ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය ඇතුළු මෙම නඩුවේ විත්තිකරුවන් තුන් දෙනෙකු රටින් පලාගොස් සිටියා.

නඩුව විභාග කරන කොළඹ මහාධිකරණය තීරණය කළේ ඔවුන් නොමැතිව නඩුව පවත්වාගෙන යාමටයි. කෙසේවෙතත් විදේශයක සිට ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්‍ෂවරියකද බවයි විමර්ශනවලින් හෙළි වී තිබෙන්නේ.