Friday, January 10, 2025

General line - 0115112241

අද කොටුවට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් දුන් තීරණ




අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය විසින් අද (10) දින කොළඹ කොටුව ආශ්‍රිතව සයිටම් විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවට ලැබුණු තොරතුරකට අනුව ඒ පිළිබඳ කොටුව පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වාරණයන්ට යටත්ව මෙම පෙළපාලිය, උද්ඝෝෂණය සාමකාමීව හා නිත්‍යානුකූල අයුරින් පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබෙනවා.

එහිදී මහජනයාට හා වාහනවලට බාධාවක්, අනතුරක්, කරදරයක් ඇති වන ආකාරයට පවත්වාගෙන යෑම, ගමන් කිරීම සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු අතර බලහත්කාර ඇතුල්වීම් සහ සාමය කඩවන අයුරින් ක්‍රියාකිරීම්වලින් වැළැකී සිටිය යුතු බවටද දන්වා තිබෙනවා.