මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කැබ් රථයක් සාවද්‍ය ලෙසට පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සංස්කෘතික අමාත්‍ය ටී.බී ඒකනායකෙ එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර වෙත දැනුම් දුන්නා.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම බව දැනුම් දෙනු ලැබුවේ මෙම සිද්ධියට අදාළව ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරනයට කරුණු වාර්තා කරමින්
2012 වසරේ සිට 2015 වසර අතර කාලයේදී WP-0771 දරණ කැබ් රථය අවභාවිත කර ඇති බවට මධ්‍යම සංස්කෘතික අරමුදල සුරැකීමේ එකමුතුව පොලිසියට පැමිණිලි කර තිබුණා.