වතු කම්කරුවන්ගේ ගැටලූ විසඳීම සඳහා මැදිහත්වන්නැයි ඉල්ලා ජනාධිපතිවරයට තැපැල්පත් දහසක් යොමු කිරීමට කඳුරට ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරය සූදානම් වනවා.
වතුකම්කරුවන්ගේ ඉඩම් අයිතිය, දෛනික වැටුප් වැඩිකිරීම මෙන්ම රාජ්‍ය දේපළ විකිණීම නතර කිරීමට මැදිහන්වන්නැයි තැපැල්පත් මගින් ජනාධිපතිවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
මීට සමගාමීව වතු සමාගම් විසින් වතු කම්කරුවන් වෙත නොගෙවූ පාරිතෝෂික හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ආදී ගැටලූ සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද හැටන් නගරය පුරා ක්‍රියාත්මකයි.