ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පවත්වන කොඩි අලෙවි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළඳවීම අද (10) සිදුකෙරුණා.
ඒ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සරත් කුමාර මඩුගගස්වත්ත අතින්.
සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් ජනාධිපතිවරයා විසින් දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙත සුදු සැරයටි පිළිගැන්වීම ද මෙහිදී සිදුකෙරුණා.
මේ අතර දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරන ශ්‍රවණාගාරයේ කටයුතු අවසන් කරගැනීම සඳහා රුපියල් ලක්ෂ 17ක මුදලක් අවශ්‍ය බව ද්යාශ්යාබාධිත උපාධිධාරී සංගමය විසින් මෙහිදී ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.
එය සැළකිල්ලට ගනිමින් එම අවස්ථාවේදීම ඔවුන් වෙත රුපියල් ලක්ෂ 20ක මුදලක් පිරිනැමීමටයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත්තේ.