හම්බන්තොට පැවැති විරෝධතාව අතරතුර පොලිසිය විසින් පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය ආණ්ඩුව ද අනුමත නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.
කෙසේවෙතත් එම පුද්ගලයා විරෝධතාවට එක්වුණේ මාධ්‍යවේදියකු ලෙස ද නැතහොත් විරෝධතාකරුවකු ලෙස ද යන්න පිළිබඳ ගැටලූවක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඔහු මාධ්‍යවේදියෙකු වශයෙන් පෙනි සිටිමින්, විරෝධතාවයේ නිරත වූ බවට ද කරුණු ඉදිරිපත් වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
කෙසේ වෙතත් පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකුට පහරදීමේ අයිතිය පොලිසියට නොමැති බව කියා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයෙන් තහනම් කළ නීති විරෝධි ක්‍රියාවක නිරත වූ පුද්ගලයෙකුට පහරදීමක් සිදුව ඇති අතර එම පහරදීම වරදක් නොවන බවත් කියා සිටියා.
කොළඹ ආනන්ද විද්‍යාලයේ අද (10) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.