Saturday, January 11, 2025

General line - 0115112241

වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට




රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බැලීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අද (10) පැවැති කැබිනට් රැස්වීමේදීයි. ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින්.

මීට පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ආචාර්ය රංග කලංසූරිය ඉකුත් දා එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.