Saturday, January 11, 2025

General line - 0115112241

උමා ඔය ව්‍යාපෘතියෙන් විපතට පත් ජනතා එකමුතුවට අධිකරණය දුන් නියෝගය




උමා ඔය ව්‍යාපෘතිය මඟින් විපතට පත් ජනතා එකමුතුව මඟින් හෙට(11) දිනයේ  බදුල්ල නගරයේදී පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතාවයට වාරණ නියෝගයක් බදුල්ල  මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත්  කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයට විරෝධතාකරුවන් නීතිවිරෝධී ලෙස ඇතුළුවීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හෙට උදෑසන 8 සිට පස්වරු 4.30 දක්වා කාලය තුලයි.