Saturday, January 11, 2025

General line - 0115112241

අග්‍රාමාත්‍යවරයාගේ ෆින්ලන්ත සංචාරය දෙරට අතර මිතුදම ශක්තිමත් කරයි




ෆින්ලන්තය නිදහස ලබා වසර 100ක් සපිරෙන අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය රටේ සංචාරය කිරීම දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලා පවසනවා.

සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මගින් ශ්‍රී ලංකාවේ සිදුකරන ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයන් ද වැදගත් බවයි ඔහු කියා සිටියේ.

ෆින්ලන්තයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (10) පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වෙමින් ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

අධ්‍යාපනය සෞඛ්‍ය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඩිජිටල්කරණය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිලිබ`ද එම සාකච්ඡාවලදී අවධානය යොමුව තිඛෙනවා.

ශ්‍රී ලංකාවේ සිදුකරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ෆින්ලන්තයේ අත්දැකීම් උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් ද දෙරටේ අග්‍රාමාත්‍යවරුන් සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.