2016 වසරේ අයවැයෙන් වෙන් කළ මුදලින් සියයට 20ක ප්‍රමාණයක් වියදම් කර නොමැති බව විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ අයවැය ලේඛනයෙන් 5/1ක් වියදම් කර නොමැති බවයි.
රජයේ වියදම වෙනස් වී තිබීම බරපතල ගැටළුවක් බවයි ඔහු කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියා.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ ඒකාබද්ධ විපක්ෂය විසින් අද (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.