Saturday, January 11, 2025

General line - 0115112241

‘‘ පුනරුදය ’’ වැඩසටහනේ තවත් ව්‍යාපෘතියක් අද ඇරඹෙයි




ජල පෝෂක ප‍්‍රදේශ සංරක්‍ෂණය හා වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) ආරම්භ වනවා.

ඒ, මහනුවර දෙල්තොට කන්දෙතැන්න වැව් පරිශ‍්‍රයේදීයි.

ස්වභාදහම රැක ගැනීමේ සංකල්පය අනුව ජනාධිපති කාර්යාලය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය එක්ව කි‍්‍රයාත්මක කරනු ලබන ‘‘ පුනරුදය ’’ පරිසර සංරක්‍ෂණ ජාතික වැඩසටහන යටතේ මෙය කි‍්‍රයාත්මකයි.

‘‘ පුනරුදය ’’ වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වන ජල පෝෂක ප‍්‍රදේශ රැකගැනීම හා වනගහනය වර්ධනය කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සංවිධාන කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහන සංකේතවත් කරමින් පාසල් සිසුන් වෙත පැළ බෙදාදීම මේ යටතේ සිදු කෙරෙන එක් කටයුත්තක්.

කන්දෙතැන්න ජලාශය ආශි‍්‍රත ජල පෝෂක කලාපයේ පාංශු ඛාදනය වළක්වාලමින් වනවැස්මක් ඇති කිරීමද මේ යටතේ ආරම්භ වනවා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහන කි‍්‍රයාවට නැංවෙනවා. 2018 වසර වනවිට ශී‍්‍ර ලංකාවේ වනආවරණය සියයට 32 ක් දක්වා වැඩි කර ගැනීම මෙහි ඉලක්කගත අරමුණයි.