Sunday, May 19, 2024

General line - 0115112241

ඇමති මලික්ටත් බැඳුම්කර කොමිසමේදී "අමතක" වෙයි! (UPDATE)




බැඳුම්කර කොමිසම හමුවේ අද පෙනී සිටි කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යන අමාත්‍යවරුන්ගෙන් ප‍්‍රශ්න කිරීම විනාඩි 20කට සීමා වී තිබෙනවා. කබීර් හෂීම් අමාත්‍යවරයාගෙන් විනාඩි 10ක් ද මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාගෙන් ද විනාඩි 10කට ආසන්න කාලයක් ද ප‍්‍රශ්න කෙරුණු බවයි වාර්තා වන්නේ. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව කිසිදු ප‍්‍රශ්නයක් යොමුනොකිරීම විශේෂත්වයක්. 

ඔවුන් අද කැඳවා තිබුණේ 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුවූ ප‍්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර එනම් 26 වැනිදා මහබැංකුවේ පැවැති රැස්වීමක් පිළිබඳ ප‍්‍රශ්න කිරීමටයි. කෙසේවෙතත් බැඳුම්කර කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදෙමින් මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ප‍්‍රකාශ කර ඇත්තේ බැඳුම්කර නිකුතුව පිළිබඳ එහිදී කිසිවක් සාකච්ඡා නොවූ බවයි.

එම රැස්වීමෙන් අනතුරුව හිටපු මහබැංකු අධිපතිවරයා දුරකතනයෙන් ඇමතුවේදැයි කොමිසම මෙහිදී විමසා තිබෙනවා. එහිදී මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ එවැනි ඇමතුමක් පිළිබඳ තමන්ට මතකයක් නොමැති බවයි. 

මේ අතර වර්තාවක් සැපයීමට අවශ්‍ය තරම් තොරතුරු තමන් සතුව දැන් පවතින බව බැඳුම්කර කොමිසමේ විනිසුරුවරුන් අද ප‍්‍රකාශ කර තිබෙනවා. 

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ තමාත් අමාත්‍ය මලික් සමරවික්‍රමත් ජනාධිපතිවරයා හමුවී මෙම ප්‍රකාශයන් ලබාදීම කල්දමන්නැයි පැවසූබව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය. රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය සහයෝගය ඕනෑම මොහොතක ලබා දෙන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
 

--------------------------------------------------------

උත්තර දෙන්න මලික් සහ කබීර් පැමිණෙයි

11-10-2017 09:36

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම අද (11) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණ තිබෙනවා.

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙලෙස ඔවුන් කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.