Sunday, May 5, 2024

General line - 0115112241

අනිද්දා පැවැත්වෙන වැලිකතරේ 'උණුසුම්ම තරගය සඳහා' ලාංකිකයන් රොද බඳින අයුරු (PHOTOS)

කසුන් කැළුම් - ඩුබායි සිට




වැලිකතරේ ලද ඉතිහාසගත ටෙස්ට් කිි‍්‍රකට් තරගාවලි ජයග‍්‍රහණයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශිී‍්‍ර ලාංකිකයින් මේ වන විටත් එක්දින තරගාවලිය නැරඹීම සඳහා වැඩි උනන්දුවක් දක්වන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. 


ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළමු එක්දින තරගය අනිද්දා (13) ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ වන විටත් ඩුබායි අබුඩායි සහ සාජා නුවර වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් රැසක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබදව එරට වෙසෙන සිය සගයන් දැනුවත් කරමින් ලබන සිකුරාදා ඩුබායි කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගය නැරඹීම සඳහා සූදානම් වනවා.

එරට සිටින ලාංකිකයන් විශාල ප්‍රමාණයක් මෙම තරගය නැරඹීමට පැමිණෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම තරගය පැවැත්වෙන ක්‍රීඩා පිටියේ green zone වෙත ශ්‍රී ලංකාවේ සිට පපරේ කණ්ඩායමක් ද පැමිණෙන අතර ඒ සඳහා සහභාගී වන ලෙසයි එරට සිටින ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මෙම ක්‍රීඩා පිටියේ 25,000කට එකවර තරග නැරඹිය හැකි වනවා.

එම තරගය නැරඹීම සඳහා එරට සිටින ලාංකිකයන් අතර ඇති සුදානම සහ ක්‍රීඩාපිටියේ ඡායාරූප පහතින් දැක්වෙනවා.