යුද හමුදා නිලධාරීන් ඇතුළු 8 දෙනෙකු 2007 වසරේ විල්පත්තු වනෝද්‍යානය තුළදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමට සූදානම් බව, නඩුවේ විත්තිකාර හිටපු එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනා අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.
චූදිත විත්තිකරුවන් වන්නේ වසර 6කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එල්ටීටීඊ සංවිධානයේ හිටපු ප‍්‍රබලයන් දෙදෙනකු බව කියන අයියන් සහ ඉලෙයියන් යන දෙදෙනායි. යුද හමුදාවේ ගජබා රෙජිමේන්තු සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර ඇතුළු 8 දෙනකු කැබ් රථයකින් ගමන් ගනිමින් සිටියදී එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා.
ඒ පිළිබඳ වන නඩුවේ විත්තිකරුවන් වරද පිළිගැනීමට කර ඇති ප‍්‍රකාශය පිළිබඳ අධිකරණයේ සහ නීතිපතිවරයාගේ ස්ථාවරය දෙසැම්බර් 14 වැනිදා ප‍්‍රකාශයට පත්කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී තීරණය කර තිබෙනවා.