Sunday, May 19, 2024

General line - 0115112241

ගම්මන්පිලගේ ඉතාලි ගමනට උසාවියේ අවසර නැහැ




ඔක්තෝබර් මස 17 දා සිට නොවැම්බර් 4 දා දක්වා ඉතාලියේ සංචාරය කිරීමට පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කළ ඉල්ලීමකට නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ දී අද (11) දැඩි විරෝධය පල කළා.

ඒ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ඩිජිටල් නොමිනි නම් අයතනයේ කොටස් ධම්මික පෙරේරා නැමැති ව්‍යාපාරිකයකුට  විකිණීමෙන් උදය ගම්මන්පිල රුපියල් මිලියන 20 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියට අදාළව නඩුව කොළඹ මහාධිකරණයේ කැදවු අවස්ථාවේදීය.

නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නැමැත්තාගේ සාක්ෂි විමසීම මෙතෙක් අවසන් වී නොමැති නිසා මේ අවස්ථාවේ විත්තිකරු විදේශ ගත වීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක කොළඹ මහාධිකරණයට දැන්විය.

විත්ති පාර්ශවය වරින් වර සිදු කරන මෙවැනි ඉල්ලීම් නිසා නඩු කටයුතු ප්‍රමාද වන බවත් නඩුවේ සාක්ෂිකරු ඕස්ට්‍රේලියාවේ සිට කාලය සහ ධනය වැය කර මෙරටට පැමිණ ඇති බැවින් ඔහුගේ සාක්ෂි ලබා ගැනීම ප්‍රමාද කිරීම අසාධාරණ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

එබැවින් විත්තිකරු විදේශ ගත වීමට කරන ලද ඉල්ලීම මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ, මීලඟ දින සලකා බැලීමට නියම කළා.

ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නැමැත්තාගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ඔක්තොම්බර් මස 17 දා සිදු කිරීමට නියමිතය.