Sunday, May 19, 2024

General line - 0115112241

හෙට අනිද්දාත් මේ වැස්ස දිගටම! ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන සීරුවෙන්




ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අයහපත් කාලගුණය පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ දකුණු පළාත්වලට මිලිමීටර් 75-100 දක්වා වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මීගමුව සිට ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු තීරයේ පැයට කිලෝමීටර් 70 දක්වා සුළං ඇතිවිය හැකි බැවින් ධීවර ප්‍රජාවට සැළකිළිමත්වන්නැයි දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින අයහපත් කාලගුණ තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ කළුතර ප්‍රදේශයෙන් තද වැසි වාර්තාවන බවය.

මෙතෙක් ආපදා තත්ත්වයන් වාර්තා නොවන බව පවසන ඔහු, කිසියම් ආපදා තත්ත්වයක් ඇත්නම් 117 අංකයට ඔස්සේ දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිවයා. සෑම දිස්ත්‍රික්කයකම ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන ඕනෑම අවස්ථාවක් සඳහා සූදානමින් ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසද ඔහු වැඩිදුරටත් පවසනවා.