Monday, May 20, 2024

General line - 0115112241

වනාන්තරයක් තුළ වෙඩි තැබීමක් - දෙදෙනෙක් මරුට

ජූඩ් සමන්ත - පුත්තලම




වනාන්තරයක් තුළදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. අද (12) අලූයම 2.30 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

පුත්තලම තබ්බෝව අභය භූමියට අයත් සියඹලෑව වැව ඉස්මත්තේ වනාන්තරය තුළදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 18 සහ 31 හැවිරිදි වියේ පසු වූ සියඹලෑව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දැව කැපීම සඳහා තබ්බෝව අභය භූමියට අයත් සියඹලෑව වැව ඉස්මත්තට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ කිසියම් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය කියාසිටියේ. සතුන් දඩයම් කිරීම සඳහා වනාන්තරයට ඇතුළු වූ අයෙකු වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි සැක පළ වී ඇත්තේ.